උඩගෙදර කතා (නං... 10)
"සන්නිවේදනය.." නං......................................10 මොන රස්සාව කෙරුවත් ඕනෑම කෙනෙකුට ආත්මාභිමානයක්, ආත්ම ගෞරවයක් තියෙනවා. පාර අතුගාන මිනිස්සුන්ගෙ ලෝකය හරි අමුතුයි. ඒ අය අපිට වැඩිය සතුටිං ඉන්නේ. ලොකු ලොකු බලාපොරොත්තු නැති හින්දා වෙංට ඇති. එකම බලාපරොත්තුව (තරුණ කෙනෙකුට නං.. හෑන්ඩ් පෝන් එකක් ගැන ඇරුනාම) හැන්දෑවට කාලක් දාගන්නේ කොහොමද කියන එකයි. මං එහෙම කිව්වේ උපහාසයෙං නෙවෙයි. අපි නහය අකුලාගෙන අහක දාන කැතකුණු අතගාන ඒ මිනිස්සු බොන්නෙ නැත්තං අපිද බොංට ඕන? ඒ මිනිස්සු කරන වැඩේ අපිට කරංට පුලුවන්ද? වැඩිය එපා දවස් තුනක් ඒ අය වැඩ නතර කෙරුවොත් කොහොම හිටීද? ඔය වගේ තව බොහොම දේ කියංට තියෙනවා... "මාත් නැත්තං උංට කව්ද..." කියල හිතංට වුන කාලයක් මටත් තිබ්බා. හැබැයි ඒ අයට ආදරේ කරාට කමක් නෑ.. පෙන්නංට නං යංට එපා. කරට කොට්ටේකුත් දාල දෙංට කියයි, නගිංට. කාලෙකට ඉස්සර වැන්ඩවට් මහත්තයට හදිසියෙම අලුත් කන්තෝරුවකට මාරු වෙල යංට වුනා. වීරසිංහ මහත්තයා එක්කත් ගේම ඉල්ලංට තරං උන තිබ්බ කාලේ. අවුරුදු දෙකක විතර දරු පැටියෙකුත් එක්ක තව හිට